28 December, 2016
සීමා නීර්ණ ගැටළු මත පදනම්ව මේ වන විට පළාත් පාලන මැතිවරණය වසර 2 කට ආසන්න කාලයක් කල් දැමීමමට ලක් කර ඇති බවත් විෂයභාර අමාත්‍යවරයා, සීමා නීර්ණ කමිටුවේ සභාපතිවරයාත් සීමා නීර්ණ අවසන් කිරීම පිළිබඳව පසුගිය වසරේ අග භාගයේ සිට මෙම වර්ෂය අවසානය දක්වා අවස්ථා ගණනාවකදීම විවිධ කාල සීමාවන් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති බවටත්එහෙත් ඒ එකදු කාල රාමුවක් තුළ එකී කටයුතු අවසන් කිරීමට විෂය භාර අමාත්‍යවරයා හෝ සීමා නීර්ණ කමිටු සභාපතිවරයා කටයුතු නොකල බවටත් පැෆ්රල් සංවිධානය පවසයි.
පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයකින් දක්වා ඇත්තේ ඔවුන් එසේ කිරීමෙන් රටේ මිලියන 15 ඡන්ද දායකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහිමි කර ඇති බවයි. එමෙන්ම ඒ පිළිබඳ ඔවුන් එතරම් වගකීම් සහිතව ක්‍රියාකරන බවක්ද නොපෙනෙන බවත් එම නිවේදනයේ දක්වා ඇත.
තවද දේශපාලඥයන් දේශපාලන අරමුණ මත ක්‍රියාකලද කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකු වූ අශෝක පීරිස් මහතා පිළිබඳව ජනතාව තුළ විශ්වාසයක් පැවතියද එකී විශ්වාසය හා ගෞරවය ආරක්ෂා කර ගැනීමට එතුමා අපොහොසත් වී ඇති බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත.
එමෙන්ම පසුගිය රජය සමයේ පිහිටුවනු ලැබූ මුල් සීමා නීර්ණය කොමිෂම දේශපාලන අවශ්‍යතා වලින් බැහැරව ස්වාධීනව කටයුතු කිරීමට අපොහොසත් වූ අතර වර්ථමාන කමිටුවද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මුළුමුනින්ම නොසළකා හරිමින් සිටින බවත් මුළු රටේම අවධානය යොමු වී ඇති ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පිළිබඳ වැදගත් මෙවැනි කරුණක් සම්බන්ධයෙන් වගකිවයුතු අමාත්‍යවරයෙකු පලපුරුදු නිලධාරියෙකුට තම වගකීම පිළිබඳ නිසි තක්සේරුවකට පැමිණිය නොහැකි නම් එය බරපතල කරුණක් බවත් එමගින් අවධාරණයකොට ඇත.
එම නිවේදනයෙන් පැෆ්රල් සංවිධානය වැඩිදුරටත් දක්වා ඇත්තේ විරටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තවදුරටත් අවමානයට ලක් නොකර පළාත් පලාන මැතිවරණ පැවැත්වීමට අවශ්‍ය පරිසරය සකසා දෙන ලෙසයි.
මැතිවරණය කල්යන සෑම දිනයකම වගකීම විෂයභාර අමාත්‍යවරයාත්, සීමා නීර්ණ කමිටුවේ සභාපතිවරයා හා රජයත් වගකිව යුතු බවටත් එමගින් අප අවධාරණය කරමු.