Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

සීමානිර්ණ කමිටුවේ වාර්තාව බාරගැනීම තවත් ප්‍රමාදවෙයි

03 January, 2017

පළාත් පාලන ආයතනවලට අදාළ සීමා නිර්ණ අභියාචනා කමිටු වාර්තාවේ සාමාජිකයන් සියලු දෙනාගේ අත්සන් නොමැති බැවින් ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා එම වාර්තාව භාර ගැනීම ඊයේ (2 දා) ප්‍රතික්‍ෂේප කළේය. 

කමිටු සභාපති අශෝක පීරිස්‌ මහතා විසින් වාර්තාව ඊයේ සවස ඇමැතිවරයාට භාර දුන් අතර එම වාර්තාවට කමිටු සාමාජිකයන් පස්‌දෙනාගෙන් තිදෙනකු පමණක්‌ අත්සන් කර ඇති බැවින් ඉතිරි දෙදෙනාගෙන් අත්සන් ලබාගෙන වාර්තාව භාර දෙන ලෙස ඇමැතිවරයා කමිටු සභාපතිවරයාට එහිදී දැනුම් දුන්නේය.

එහිදී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක්‌ කළ ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා තමා කටයුතු කරන්නේ 2012 අංක 22 දරන පනතට අනුව බවත් කමිටුවට සාමාජිකයන් 5 දෙනකු පත් කළා නම් සියලු දෙනාගේ අත්සන් සහිත සම්පූර්ණ වාර්තාවක්‌ තමාට අවශ්‍ය බවත් කියා සිටියේය.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් කමිටු සභාපති අශෝක පීරිස්‌ මහතා කමිටුවේ සාමාජිකයන් පස්‌දෙනාම එක්‌ව වාර්තාව සකස්‌ කළ බවත් අත්සන් කිරීමට පැමිණෙන ලෙස දැනුම් දුන් පසුව වාර්තාවට බහුතර සාමාජික පිරිසක්‌ අත්සන් කර ඇති නිසා වාර්තාව භාරදීමට පැමිණි බව කීය.

මෙම වාර්තාවට එක්‌සත් ජාතික පක්‍ෂය පත් කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්‌. මිස්‌බා මහතා හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරන හිටපු ආණ්‌ඩුකාර සාලිය මැතිව් මහතාත් අත්සන් කර නොමැති බවද හෙතෙම කීය.

ජවිපෙ නියෝජනය කරන නීතිඥ උපුල් කුමාරප්පෙරුම හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මහාචාර්ය බාලසුන්දරම් පිල්ලෙයි යන මහත්වරු හා කමිටු සභාපතිවරයා වාර්තාවට අත්සන් කර ඇත.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks