Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්ද හිමි ලියාපදිංචි පනත කඩිනමින් සංශෝධනය කරනවා - මැතිවරණ කොමිසමේ සභාපති

10 January, 2017

මැතිවරණයක් ප්‍රසිද්ධ කරන අවස්ථාවකදී වයස අවුරුදු 18 සම්පූර්ණ වන සියලුම දෙනා ඡන්ද ලැයිස්තුවට ඇතුළත් කරගත හැකි වන පරිදි ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කරන්නැයි ඉල්ලමින් තරුණයන් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් අස්සන් කෙරූ පෙත්සමක් අනුව පනත සංශෝධනය කරමින් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත.

ජාතික පුවත්පතක් අද වාර්තාකොට ඇත්තේ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතේ සංශෝධිත කෙටුම්පතක් සකස් කර සියලුම දේශපාලන පක්ෂවලට යොමු කර තිබෙන බවත් දේශපාලන පක්ෂ බහුතරයක් ඊට එකඟතාව පළකර තිබෙන බවටත් මැතිවරණ කොමිසමේ සභාපවරයා විසින් පෙන්වාදී ඇති බවයි.

එමෙන්ම වත්මන් පාර්ලිමේන්තුවේ තරුණ නියෝජනය ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවත් පාර්ලිමේන්තුවේ සිටින 225න් වයස අවුරුදු 35ට අඩු නියෝජනයක් ඇත්තේ 14 දෙනකු බවත් ඉන් දේශපාලන පවුල්වලට සම්බන්ධ නොවන අය සිටින්නේ තිදෙනෙක් බවත් දේශප්‍රිය මහතා පෙන්වාදී ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ සිවු අවුරුදු උපාය මාර්ගික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍යවල සහාය ලබා ගැනීමේ සාකච්ඡාවට සහභාගි වෙමින් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ මැතිවරණ කොමිසම බලාපොරොත්තු වෙන්නේ හැකි ඉක්මනින් පළාත් පාලන ඡන්දය පවත්වා ජනතාවගේ සර්වජන ඡන්ද බල අයිතිය සුරක්ෂිත කර දීමට බවයි.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks