Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුම සාර්ථකව ඉදිරියට

17 March, 2017

මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කරනු ලබන පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුම මේ වන විට සාර්ථකව පස්වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

එහි සමාරම්භය පසුගිය 13 වන දින කොළඹ නිදහස් චතුරස්‍රයෙන් ආරම්භ වූ අතර එදිනම පස්වරුවේ ගම්පහ දිස්ත්‍රික් සමුලුව පවත්වන ලදී. අනතුරුව 14 වන දින කුරුණෑගල දිස්ත්‍රික් සමුලුවද 15 වන දින පුත්තලම දිස්ත්‍රික් සමුලුවද 16 වන දින අනුරාධපුර දිස්ත්‍රික් සමුලුවද පැවැත්වූ අතර අද (17) වව්නියාව දිස්ත්‍රික් සමුලුව පැවැත්වීමට නියමිතය.

මාර්තු 12 ව්‍යාපාරයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන මෙම පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ අපේක්ෂාව මාර්තු 12 නිර්ණායකයන්ට අනුකූලව අපේක්ෂකයන්යට නාමයෝජනා ලබාදීමට දේශපාලන පක්ෂවලට බලපෑම් කිරීමත් එසේ නොකිරීමත් දේශපාලන පක්ෂ විසින් එය අනුගමනය නොකරන්නේ නම් එසේ ඉදිරිපත් කරන අපේක්ෂකයන් ප්‍රතික්ෂේප කිරීමට ජනතාව උනන්දු කිරීමත්ය.

මෙම පිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමට මැතිවරණ දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව හා රාජ්‍ය පරිපාලන නිධාරීන්ගේ සංගමය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහායද නොමසුරු ලැබෙන අතර අනුරාධපුර දිස්ත්‍රික් සමුලුවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාද එක්ව සිටීම කැපීපෙනුනි.  
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks