Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

සුපිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ දිස්ත්‍රික් සමුලු මාලාව අවසන්

06 April, 2017

මාර්තු 12 ව්‍යාපාරය විසින් දියත් කරන ලද සුපිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුමේ දිස්ත්‍රික් සමුලු මාලාව හා දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (05) කලුතර දිස්ත්‍රික් සමුලුවෙන් අවසන් කෙරින.

කලුතර දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්  රසික පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සමුලුව සඳහා පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, සර්වෝදය විධායක අධ්‍යක්ෂ නීතීඥ චාමින්ද රාජකරුණා හා දේශෝදය ජාතික සම්බන්ධීකාරක නිශාන්ත ප්‍රීතිරාජ් මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගීවිය.

එළඹෙන පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් සුපිරිසිදු දේශපාලන පුරවැසි මෙහෙයුම දියත් කරනු ලැබූ අතර දිවයින පුරාම ජනතාවගෙන් ඊට යහපත් ප්‍රතිචාර හිමිවීම කැපීපෙනුණි.

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ගම්පහ, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, රත්නපුර, මාතර, ගාල්ල හා කලුතර දිස්ත්‍රික්ක වල පැවති දිස්ත්‍රික් සමුලු සඳහා සහභාගීවීම විශේෂත්වයකි.

මෙම වැඩසටහනේ අවසානය හෙට (07) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන සමාප්ති උත්සයෙන් සනිටුහන් කිරීමට නියමිතය.










 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks