Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

සුදුසුකම් ලත් සියල්ලන් ඇතුළත් කර ඡන්දහිමි නාමලේඛන ප්‍රති‍ශෝධනයට දායකවන්න

04 May, 2017

2017 වර්ෂයේ ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාල මූලික අදියරේ කටයුතු මේ දිනවල මැතිවරණ කොමිෂන් සභාව මගින් සිදුකරමින් සිටින බවත් සුදුසුකම් සහිත කිසිවෙකුත් අත් නොහැරෙන ඡන්දහිමි නාමලේඛනයක් සකස් කිරීමට දායකවීම වගකීම් සහගත පුරවැසියන් ලෙස අප සැමගේම වගකීමක් බව විශ්වාස කරන බවත් පැෆ්රල් සංවිධානය පවසයි.

සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් වෙත ලිපියක් නිකුත් කරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ මෙම කටයුත්තේදී දේශපාලන පක්ෂ වලට පැවරෙනුයේ අසීමිත වගකීමක් බවයි. එමෙන්ම සෑම වර්ෂයකදීයම ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියට දායකවීමට දේශපාලන පක්ෂවලට හැකියාව ලැබෙන බවත් පැෆ්රල් විධායක අධ්‍යක්ෂවරයා සිය ලිපිය මගින් දක්වා ඇත.

එමගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඔබතුමන් වෙත එවන ලද ලිපිවලට අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් ඒ සඳහා පක්ෂයේ නියෝජිතයින් පත් කරනොමැති නම් කඩිනමින් එම නියෝජිතයින් පත්කරන ලෙසයි. 

තවද විධිමත් පුහුණවක් සහිත නියෝජිතයින් යෙදවීම හරහා සුදුසුකම් සහිත සියළුදෙනාගේ නම් ඇතුලත් කිරීමටත්, එමෙන්ම යම් පුද්ගලයෙකු ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ලියාපදිංචි වීමට උත්සහ කරන්නේ නම් එවැනි පුද්ගලයින් ඉවත් කිරීමටත් අවකාශ සලසනු ඇති බවත් හෙට්ටිආරච්චි මහතා සිය ලිපිය මගින් දක්වා ඇත.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks