Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණය නුදුරේදීම?

28 June, 2017

සබරගමුව, නැගෙනහිර හා උතුරු මැද පළාත් සභාවල නිල කාලය සැප්තැම්බර් මස අගදී අවසන් වන බවත් නිල කාලය අවසන්වී මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය කොමිසමට හිමි බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ පළාත් පාලන මැතිවරණයද පැවැත්වීමට අදාල සීමානිර්ණ ගැසට් කිරීමේ ගැසට් නිවේදන හා සංස්ථාපනය කිරීමේ ගැසට් නිවේදනය ජූලි මස 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි නිකුත්වී ඇති බවයි.

එමෙන්ම පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත සම්මතවී ඡන්දය ප්‍රකාශ කලහොත් ඡන්දය පැවැත්වීමට දින 75 ක කාලයක් අවශ්‍ය වන බවත් පළාත් සභා ඡන්දය දින 55 ක් තුළ පැවැත්විය හැකි බවත් දේශප්‍රිය මහතා පෙන්වාදී ඇත.

තවද මෙවර ඡන්ද හිමි නාම ලේඛනය ඔක්තෝබර් මස 31 වනදා වන විට සහතික කිරීමට තීරණය කර ඇති බවයි සභාපතිවරයා පෙන්වාදී ඇත්තේ. 
 

 

fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks