Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

අපේක්ෂක ප්‍රචාරක වියදම් සීමාකිරීමේ කෙටුම්පත විෂය බාර අමාත්‍යවරයාට

03 August, 2017

අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරණ වියදම් සීමාකිරීම වෙනුවෙන් වන කෙටුම්පතක් පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත අද බාරදෙනු ලැබින.

මෙම කෙටුම්පත බාරදීම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදී පැවති අතර ඒ සඳහා විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, භාණ්ඩාගාරික ක්‍රිස්ටෝබල් සවරයිමුත්තු, ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක යන මහත්වරුන් එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ මැතිවරණ ප්‍රචාරණ වියදම් සීමානොකිරීම තුළින් ඡන්දදායකයින්ට අල්ලස් ලබාදීම ඇතුළු මැතිවරණවලදී තිබිය යුතුම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් උල්ලංඝනය වන බවයි.  එමෙන්ම මැතිවරණ ප්‍රචාරණ වියදම් සීමානොකිරීම තුළ රට තුළ දේශපාලනයට උනන්දුවක් දක්වන රටට සැබැවින්ම සේවය කල හැකි පිරිස් පසුගාමී වන බවයි හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ.

තවද මෙම කෙටුම්පත සැකසීමෙහිලා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා විසින් කැබිනට් අනුකාරක සභාවකදී සිදුකර තිබූ යෝජනාව ඉවහල්වූ බවත් ඒ අනුව සකස්කල කෙටුම්පත අමාත්‍යවරයාට බාරදීම සිදුකරන බවත් සිය උත්සාහය වන්නේ එය අමාත්‍යවරයා පොරොන්දුවූ පරිදිම පාර්ලිමේන්තුව තුළින් සම්මතකොට නීතියක් බවට පත්කිරීම බවත් නීති සම්පාදනය කිරීමේ හැකියාව පවතින්නේ උත්තරීතර පාර්ලිමේන්තුවට බැවින් මැතිවරණ කොමිෂන් සභාව හා පැෆ්රල් ඇතුළු නිරීක්ෂණ සංවිධාන මෙම කෙටුම්පත සකස්කිරීම මගින් සිදුකරනු ලැබුවේ පහසුකාරක කාර්යයක් පමණක් බවත් පැෆ්රල් විධායක අධ්‍යක්ෂවරයා එහිදී තවදුරටත් පෙන්වාදුන්නේය.

එමෙන්ම අමාත්‍යවරයා විසින් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඉදිරි මැතිවරණයන්ට පෙර නීතියක් බවට පත්කරගතහොත් එය අතිශය වැදගත් වනු ඇති බවයි ඔහු පෙන්වාදුන්නේ.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා එහිදී පැවසූයේ පැෆ්රල් හා මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යස්ථානය මැතිවරණ ප්‍රචාරණ වියදම් සීමාකිරීම සම්බන්ධයෙන් දක්වන උනන්දුව අතිශයින් ප්‍රශංසනීය එකක් බවයි.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks