Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ද්විත්ව පුරවැසිභාවය හිමිව ඇත්තේ මන්ත්‍රීනි ගීතාට පමණයි

24 August, 2017

පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින් ද්විත්ව පුරවැසිභාවය ගීතා කුමාරසිංහ මහත්මියට පමණක් බව ආගමන විගමන පාලක ජනරාල්වරයා තහවුරුකොට ඇත.

පැෆ්රල් සංවිධානය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳව විමසමින් ආගමන විගමන පාලකවරයා වෙත තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක් ඉදිරිපත් කල අතර ඊට පිළිතුරු සපයමිනුයි ආගමන විගමන පාලකවරයා මේ බැව් තහවුරුකොට ඇත්තේ.
 
ආගමන විගමන පාලක ජනරාල්වරයා සිය ලිපිය මගින් පෙන්වාදී ඇත්තේ මෙම තොරුතුරු සම්බන්ධයෙන් තමා පුලුල් ලෙස විමර්ශනය කල බවයි. ඒ අනුව පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම්, ජාතික හැඳුනුම්පත් අංක සහ උපන් දින ලබාගෙන ද්විත්ව පුරවැසිභාවයට අදාල තොරතුරු පද්ධතිය විමර්ශනයට ලක්කර ඇති බවත් පරිගණක ගත තොරතුරු පද්ධතිය නිර්මාණය කිරීමට පෙර ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින්ගේ තොරතුරු පවා විමර්ශනයට ලක් කර ඇති බවත් ආගමන විගමන පාලක ජනරාල්වරයා දක්වා ඇත.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියට පමණක් අංක 17096 A දරන ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කොට ඇති බවටයි ආගමන විගමන පාලක ජනරාල්වරයා පෙන්වාදී ඇත්තේ.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks