Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණයේ ප්‍රමාදයට බලපෑ නීතිමය කරුණු නිරාකරණය කලාට ස්තූතියි

30 August, 2017

දීර්ඝ කාලයක් පළාත් පාලන මැතිවරණ කල්යාමට බලපෑ නීතිමය කරුණු නිරාකරණය කිරීම පිළිබඳව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට හා අමාත්‍යාංශයට ස්තූතිවන්ත වන බව පැෆ්රල් සංවිධානය පවසයි.


විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත ලිපියක් යොමුකරමින් පැෆ්රල් සංවිධානය පෙන්වාදෙන්නේ මැතිවරණ කොමිසම යොමුකළ තාක්ෂණික ගැටළුවලට අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමේදී රාජ්‍ය නිලධාරීන් මැතිවරණයට තරග කරන්නේ නම් ඔවුන් වර්ෂයකට පෙරාතුව තමා තරග කිරීමට අපේක්ෂිත ප‍්‍රදේශයෙන් මාරුවිය යුතුය වන වගන්තිය සාධනීය එකක් බවයි.

අදාල ලිපිය පහතින් දැක්වේ.

 

2017.08.30
ගරු අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා,
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය,
අංක 330,
ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මාවත,
කොළඹ 02.

ගරු අමාත්‍ය තුමනි,

දේශපාලන අයිතිය හිමි රාජ්‍ය නිලධාරීන් මැතිවරණවලට තරග කිරීම

දීර්ඝ කාලයක් පළාත් පාලන මැතිවරණ කල්යාමට බලපෑ නීතිමය කරුණු නිරාකරණය කිරීම පිළිබඳ අප බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.

මැතිවරණ කොමිසම යොමුකළ තාක්ෂණික ගැටළුවලට අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමේදී රාජ්‍ය නිලධාරීන් මැතිවරණයට තරග කරන්නේ නම් ඔවුන් වර්ෂයකට පෙරාතුව තමා තරග කිරීමට අපේක්ෂිත ප‍්‍රදේශයෙන් මාරුවිය යුතු බවට වගන්තියක් ඇතුල් කර ඇති බව වාර්තා වේ. එය ඉතා සාධනීය කරුණකි. ක්ෂේත‍්‍ර නිලධාරීන් මැතිවරණවලට තරග කිරීමේදී තම රාජකාරී බලය උපරිම ලෙස භාවිත කිරීම බොහෝ මැතිවරණවලදී වාර්තා වී ඇත. එය මැතිවරණවල නිදහස් හා සාධාරණභාවයට බලපෑමක් එල්ල කරන්නකි. එමෙන්ම පැෆ්රල් සංවිධානය ලෙස අප ද මේ පිළිබඳව 2012.01.04 දින එවකට සිටි පළාත් පාලන අමාත්‍යවරයාට ලිඛිතව දන්වා ඇත. අපද ඉල්ලා සිටියේ වසරකට පෙර එම බලප‍්‍රදේශය වෙනත් බලප‍්‍රදේශයකට මාරුකළ යුතු බවයි. 

එසේ වුවත් දේශපාලන අයිතිය හිමි රාජ්‍ය නිලධාරීන්ගේ එම අයිතියට අභියෝගයක් නොවන ආකාරයට එය විය යුතු බව අපගේ විශ්වාසය යි. පළමුවරට මෙම පනත කි‍්‍රයාත්මක වීමේදී එකදු රාජ්‍ය නිලධාරියෙකුට හෝ වර්ෂයකට පෙරාතුව එසේ මාරුවීමට ඉඩකඩ නොලැබෙනු ඇත. පළාත් පාලන මැතිවරණය ඉදිරි මාස 4 ක පමණ කාලයකදී පැවැත්වීමට බොහෝදුරට ඉඩකඩ ඇත.

එබැවින් අප ඔබ තුමාගෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටින්නේ පනතේ සඳහන් වර්ෂයක කාලය එසේම තබා ගනිමින් පළමුවරට පනත කි‍්‍රයාත්මක වීමේදී ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට අපේක්ෂිත රාජ්‍ය නිලධාරීන්ගේ එම අයිතිය ආරක්ෂා වන ආකාරයට යම් සංශෝධනයක් ගෙන එන ලෙසයි. එමෙන්ම රාජ්‍ය නිලධාරීන්  ඕනෑම මැතිවරණයකදී තම රාජකාරී බලය භාවිත වූ බව තහවුරු වුවහොත් ඔහුගේ හෝ ඇයගේ සේවය අහිමි වන ආකාරයට සහ දේශපාලන අයිතිය වසර කිහිපයක් හෝ අහිමි වන ආකාරයට දැඩි නීති සම්පාදනය කරන ලෙසත් ය.

ස්තුතියි.
මෙයට විශ්වාසී,

රෝහණ හෙට්ටිආරච්චි,
විධායක අධ්‍යක්ෂ,

පිටපත - සභාපතිතුමා, මැතිවරණ කොමිෂන් සභාව, රාජගිරිය.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks