Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඡන්දහිමියන්ට 2017 වසරේ ලැබෙන අවසන් අවස්ථාව

31 August, 2017

යම් කිසි හේතුවක් නිසා මෙතෙක් ඡන්ද හිමියන් ගනන් ගැනීමේ ආකෘති පත්‍රය (BC Form)  සම්පූර්ණ කර බාරදීමට නොහැකි වුයේ නම් 2017 සැප්තැම්බර් 06 දක්වා කාලය තුල සම්පූර්ණ කරන ලද හිමිකම් ඉල්ලුම් පත්‍රයක් අදාල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට බාරදීමට කටයුතු කරන ලෙස පැෆ්රල් සංවිධානය ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටියි.

නිවේදනයක් නිකුත් කරමින් පැෆ්රල් සංවිධානය පෙන්වාදෙන්නේ 2017 ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධනයට අදාලව සකස් කරන ලද ඡන්ද හිමි ලියාපදිංචි විස්තර කෙටුම්පත මැතිවරණ දෙපාර්තමේන්තුවේ (www.slelections.gov.lk) වෙබ් අඩවියට පිවිසීමෙන් ඡන්දදායකයින්ට බලාගත හැකි බවයි.

2017 වසරේ ඡන්ද නාමලේඛනයට නම ඇතුළත් කරගැනීමේ අවසන් අවස්ථාව මෙය බවත් අදාල පෝරම ග්‍රාම නිලධාරී කාර්යාල/ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලින් ලබාගත හැකි බවත් පැෆ්රල් සංවිධානය සිය නිවේදනයෙන් දක්වා ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.


 

2017.08.31
ප්‍රවෘත්ති කර්තෘ/සංස්කාරක, 

ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වීමේ අවසන් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගනිමු

2017 ඡන්දහිමි නාම ලේඛන ප්‍රතිශෝධනයට අදාලව සකස් කරන ලද ඡන්ද හිමි ලියාපදිංචි විස්තර කෙටුම්පත මැතිවරණ දෙපාර්තමේන්තුවේ (www.slelections.gov.lk) වෙබ් අඩවියට පිවිසීමෙන් දැන් ඔබට පරීක්ෂා කල හැකිය.

එසේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔබගේ නම ඇතුලත්වී නොමැති නම් හෝ අදාල නොවන වෙනත් කොටස් නමට ඇතුලත්වී ඇත්නම් තහවුරු කල හැකි ලේඛන වල පිටපත්ද සහිතව අදාල දිස්ත්‍රික්කයේ මැතිවරණ කාර්යාලය වෙත යොමු කිරීමෙන් එම අඩුපාඩුව නිවැරදි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

යම් කිසි හේතුවක් නිසා මෙතෙක් ඡන්ද හිමියන් ගනන් ගැනීමේ ආකෘති පත්‍රය (BC Form)  සම්පූර්ණ කර බාරදීමට නොහැකි වුයේ නම් 2017 සැප්තැම්බර් 06 දක්වා කාලය තුල සම්පූර්ණ කරන ලද හිමිකම් ඉල්ලුම් පත්‍රයක් අදාල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට බාරදීමට කටයුතු කරන්න.

අදාල පෝරම ග්‍රාම නිලධාරී කාර්යාල/ප්‍රාදේශිය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලින් ලබාගත හැක. ඡන්ද හිමි ඔබගේ නම ඇතුළත් කර ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව මෙය බැවින් වහාම ක්‍රියාත්මක වන්න.

පළාත් පාලන මැතිවරණය හා පළාත් සභා මැතිවරණ කීපයක්ම මෙම වසර අග හෝ ලබන වසර මුල පැවැත්වීමට නියමිත ඇති අතර එම ඡුන්ද විමසීම් සඳහා ප්‍රයෝජනයට ගනු ලබන්නේ 2017 වසරට අදාල ඡන්ද හිමි නාම ලේඛනය වන බැවින් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචි වූ බවට නිසැක වීම පුරවැසි ඔබගේද වගකීමකි.

සුදුසුකම් සහිත සියල්ලන් ඇතුලත් ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීම මැතිවරණ දෙපාර්තමේන්තුවට පමණක් අයත් කාර්යක් නොවන බව තරයේ විශ්වාස කරන අප ඒ සඳහා ක්‍රියාකාරී සහයෝගය ලබාදීම දේශපාලන පක්ෂ වල මෙන්ම පුරවැසි ඔබගේද යුතුකමක් මෙන්ම වගකීමක් බව අවධාරණය කරමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ජනතා පරමාධිපත්‍ය, ඡන්ද බලය හරහා ක්‍රියාත්මක කිරීමට ලැබෙන මෙම මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීම සඳහා ඔබ අනිවාර්යයෙන්ම ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචි විය යුතු අතර ඡන්දයක් ආසන්නයේ හෝ වෙනත් අවශ්‍ය අවස්ථාවලදී ඡන්ද හිමිනාම ලේඛනයේ ඔබේ නම නොමැති බවට මැසිවිලි නැගීමෙන් කිසිදු පලක් නොවන බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

මෙයට,
විශ්වාසී,


රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂක
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks