Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පැෆ්රල් සංවිධානයෙන් පළාත් පාලන අමාත්‍යවරයාට ලිපියක්

16 October, 2017

මහනගර සභා, නගර සභා ප‍්‍රාදේශිය සභා ආඥාපනත් සංශෝධනයට අදාල පනත් කෙටුම්පත ගරු කථානායක තුමන්ගේ අත්සන යෙදූ වහාම සංශෝධනයට අදාල ගැසට් පත‍්‍රයේ දළ සැකැස්ම මැතිවරණ කොමිෂන් සභාවේ අවධානයට යොමු කිරීම පිළිබඳව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට ස්තූතිවන්ත වන බව පැෆ්රල් සංවිධානය පවසයි.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත ලිපියක් යොමුකරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ එසේ වුවත් මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමේ හැකියාව ලැබෙනුයේ විෂය භාර අමාත්‍යවරයා වශයෙන්  ඒ ඒ පළාත් පාලන ආයතන වල සභික ධුර ප‍්‍රමාණ නිශ්චිත කරමින් සංස්ථාපන ගැසට් පත‍්‍රය ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව බවයි.

එබැවින් පළාත් පාලන මැතිවරණයට අදාල අවසන් බාධකයද ඉවත් කරමින් සංස්ථාපන ගැසට් පත‍්‍රය මෙම සතිය තුළ නිකුත් කර මේ රටේ මිලියන 15 පමණ වන ඡන්ද දායකයන්ට තම පළාත් පාලන නියෝජිතයන් තෝරා ගැනීමට ඉඩකඩ සලසන ලෙසයි පැෆ්රල් සංවිධානය පෙන්වාදී ඇත්තේ.


 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks