Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණය කල්දැමීමේ දේශපාලනික අරමුණ පරාජය කල යුතුයි - රෝහණ හෙට්ටිආරච්චි

17 November, 2017

පළාත් පාලන සීමානිර්ණ ගැසට්පතට විරුද්ධව ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අදාල තීන්දුව එළඹෙන 22 වනදා ප්‍රකාශයට පත්කර බව අභියාචනාධිකරණය ඊයේ (16) දැනුම් දුන්නේය.

අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගත් අතර කොළඹ, මහනුවර, දෙනියාය, ඇඹිලිපිටිය, හාලිඇල, පඩුවස්නුවර යන ප්‍රදේශවල ඡන්දදායකයින් සය දෙනෙකු විසින් එම පෙත්සම ගොනුකොට තිබූ අතර පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා, එම අමාත්‍යාංශ ලේකම්වරයා හා නීතිපතිවරයා එමගින් වගඋත්තරකරුවන් කොට තිබින.

එහිදී පැෆ්රල් සංවිධානය, කැෆේ සංවිධානය, එක්සත් ජාතික පක්ෂය,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ මැදිහත්කරුවන් වශයෙන් පෙනීසිටීමට අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් සිදුකරන ලද අතර ඊට අභියාචනාධිකරණය අවසර ලබාදුන්නේය. 

පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අර්ජුන ඔබේසේකර මහතා සඳහන් කලේ පෙත්සම දෝෂ සහිතව ඉදිරිපත් කර ඇති බවත් එය නීති විරෝධී පෙත්සමක් බැවින් නිශ්ප්‍රභ කරන ලෙසත්ය.

අනතුරුව අධිකරණයෙන් පිටතදී මාධ්‍ය ඇමතූ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන්කොට සිටියේ නීති විරෝධී හා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය වන ආකාරයේ ඉල්ලීමක් මෙම පෙත්සම මගින් ඉල්ලා ඇති බවයි. එමෙන්ම මෙය දේශපාලනික අරමුණක් බවත් එය පරාජය කල යුතු බවත් මැතිවරණ කොමිෂන් සභාව සැලසුම්කොට ඇති අයුරින්ම ජනවාරි මාසයේ මැතිවරණය පැවැත්වීමට බාධා නොවන ආකාරයේ තීන්දුවක් අධිකරණයෙන් අපේක්ෂා කරන බවත් ඔහු පෙන්වාදුන්නේය. 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks