Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

පෙත්සම්කරුවන් සිටින්නේ ඡන්දදායකයන්ගේ ඡන්ද අයිතිය නැතිකිරීමේ උත්සාහක - රෝහණ හෙට්ටිආරච්චි

23 November, 2017

අශෝක පීරිස් කොමිසම විසින් සීමානිර්ණයන් වෙනස් නොකෙරුණු පළාත් පාලන ආයතනයන්හි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමගින් සාකච්ඡා කල බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසූයේ ඊයේ මැතිවරණ කොමිසමේදී මාධ්‍යවේදීන් අමතමිනි. එහිදී විධායක අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පෙන්වාදුන්නේ කොමිෂන් සභාව රැස්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සෘජු තීන්දුවක් ගනු ඇති බවට විශ්වාස කරන බවයි. 

එහිදී මාධ්‍යය අමතමින් හෙට්ටිආරච්චි මහතා තවදුරටත් පෙන්වාදුන්නේ සීමානිර්ණ වාර්තාවට අදාලව ගොනුකර ඇති පෙත්සම දේශපාලනික වුවමනාවකට අනුව ගොනුකල එකක් බවට මේ වන විට තවදුරටත් පසක් වෙමින් පවතින බවයි. එමෙන්ම විෂයභාර අමාත්‍යවරයාගේ අනුදැනුමක් නොමැතිව තාක්ෂණික කරුණු උපුටා දක්වමින් මෙවැනි නඩුකරයක් ගොනුකිරීමේ වුවමනාවක් සාමාන්‍ය ඡන්දදායකයෙකුට නොමැතිබ බවත් පෙත්සම්කරුවන්ගේ කුමන අයිතියක් උල්ලංඝනය වූයේද යන්න සම්බන්ධයෙන්ද රට හමුවේ ප්‍රකාශ කල යුතු බවත් ඔහු පැවසීය.

තවද පෙත්සම්කරුවන්ගේ උත්සාහය රටේ ඡන්දදායකයන්ගේ ඡන්ද අයිතිය නැතිකිරීම බවට හැඟී යන බවත් හෙට්ටිආරච්චි මහතා එහිදී සඳහන්කොට සිටියේය.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks