30 November, 2017
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමග පැෆ්රල් සංවිධානය වෙත පළමු පැමිණිල්ල අද (30) වාර්තාවිය.
එම පැමිණිල්ලේ සඳහන්වූයේ අද පෙරවරුවේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිත භාණ්ඩ බෙදාදීමේ සිද්ධියක් සම්බන්ධවයි.
පැෆ්රල් සංවිධානය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කල අතර පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා එමගින් පෙන්වාදුන්නේ මැතිවරණය පැවැත්වීමට මූලික කටයුතු ආරම්භ කර ඇති මෙම මොහොතේ සිදුකරන මෙවැනි භාණ්ඩ බෙදාදීමේ සිද්ධීන් වලින් ජනමතයට බලපෑමක් මෙන්ම අනවශ්‍ය ගැටලුකාරී තත්ත්වයන්ද මතුවිය හැකි බවයි.