Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

අසත්‍ය ප්‍රවෘත්තියට පැෆ්රල් සම්බන්ධයක් නෑ - විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

26 December, 2017

දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් 33 න් එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන බවට පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කර ඇති බවට සමාජජාලා වෙබ් අඩවිවල අසත්‍ය පුවතක් ප්‍රචාරය වෙමින් පවතී.

මැතිවරණය නිදහස් හා සාධාරණ ආකාරයට පැවැත්වීම පැෆ්රල් සංවිධානයේ අපේක්ෂාව වන අතර ඊට අදාල පාර්ශවයන් සමග අවබෝධයෙන් කටයුතු කිරීම සිදුකරන බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි. 

මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවක අසත්‍ය ප්‍රවෘත්තීන් නිර්මාණයකොට ප්‍රචාරය කිරීම හරහා ජනමතයට විශාල බලපෑමක් සිදුකල හැකි අතර පැෆ්රල් සංවිධානය විසින් නිකුත් කරනු ලබන වාර්තා පැෆ්රල් නිල වෙබ් අඩවිය හා පැෆ්රල් නිල ෆේස්බුක් ගිණුම හා සමූහය ඔස්සේ පමණක් ප්‍රසිද්ධ කරනු ලබන බැවින් එම වාර්තා පමණක් පරිශීලනය කරන ලෙසට පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඉල්ලා සිටියි.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks