Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ පැෆ්රල් සංවිධානය සහ පොලිස්පතිවරයා අතර හමුවක්

29 December, 2017

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම ප්‍රචණ්ඩත්වයෙන් තොරව නිදහස් හා සාධාරණව පවත්වා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම වෙනුවෙන් අද පැෆ්රල් සංවිධානය හා පොලිස්පතිවරයා අතර හමුවක් පැවැත්වින.

එහිදී විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ දක්වා කාලය තුළ පොලීසියේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ස්තූතිය පලකල අතර නාමයෝජනා බාරගනු ලැබූ අවසාන දිනයේදී දේශපාලන පක්ෂ විසින් පෙළපාලි යාම සම්බන්ධයෙන් සොයාබලන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින ලදී.

එමෙන්ම මාර්තු 12 ව්‍යාපාරයට ලැබී ඇති දූෂණ චෝදනා එල්ලවී තිබෙන අපේක්ෂකයින් සම්බන්ධ තොරතුරු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත බාරදුන් අතර එම අපේක්ෂකයින්ට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් සොයාබැලීමක් සිදුකරන ලෙසටද පැෆ්රල් විධායක අධ්‍යක්ෂවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

තවද පැෆ්රල් සංවිධානය නීර්ක්ෂකයින් යෙදවීම සම්බන්ධයෙන්ද එහිදී අවධානයට ලක්වූ අතර ප්‍රචණ්ඩත්වය අවම කිරීමට පැෆ්රල් සංවිධානයට ලබාදිය හැකි සහය පිළිබඳවද එම කටයුත්ත සාර්ථක කර ගැනීමට පොලීසිය දක්වන සහය පිළිබඳවද අවධානයට ලක්වූ අතර මෙම සාකච්ඡාව සඳහා පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සමගින් අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කරමින් ආචාර්ය ජෙහාන් පෙරේරා හා කේ.ඩීන් යන මහත්වරුන්ද වැඩසටහන් අධ්‍යක්ෂ ශ්‍රීධරන් සභානායගම් මහතාද සහභාගීවූහ. 
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks