01 August, 2018
පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම වෙනුවෙන් වන සිවිල් සමාජ කමිටුව විසින් සකස්කල අවසන් වාර්තාව අද දින කතානායක කරූ ජයසූරිය මහතා වෙත බාරදෙනු ලැබින.
කමිටුව නියෝජනය කරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයේදී මෙම වාර්තාව කතානායකතුමන් වෙත බාරදීම සිදුකෙරින.
මෙම අවස්ථාවට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී වූහ.