Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

කටුනායක ඇඟලුම් සේවක සේවිකාවන්ටත් පැෆ්රල් සවිය

28 November, 2020

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ පැෆ්රල් ක්‍රියාවලියේ තවත් අදියරක් පසුගියදා කටුනායක ප්‍රදේශයේදී දියත් කෙරින.

කොවිඩ් රැල්ලේ දෙවන අදියර පසුගිය ඔක්තෝබර් මාසයේදී ආරම්භවීමත් සමග කටුනායක වෙළෙඳ කලාපය ආශ්‍රිතව ජීවත්වන ඇඟලුම් සේවක සේවිකාවන් බරපතල ලෙස පීඩාවට පත්ව සිටි අතර රැකියා පවා අහිමිවීම හේතුවෙන් තවත් පිරිසක් අසරණ තත්ත්වයකට පත්ව සිටියහ.  

එමෙන්ම මෑන්පවර් ආයතනවලින් පවා සේවයෙන් ඉවත්කිරීම හේතුවෙන් පීඩාවට පත්ව සිටි රටට විශාල වශයෙන් විදේශ විනිමය ඉපයීමට දායක වන එම පිරිස් වෙත මිනිසත්කමේ දෑත් දිගුකරලමින් පැෆ්රල් ආයතනයේ මූල්‍ය දායකත්වයෙන් ගම්පහ ශ්‍රමාභිමානී කේන්ද්‍රයේ සංවිධායකත්වයෙන් වියළි ආහාර මල්ලක් ලබාදීමට අප කටයුතු කල අතර ඔවුනට එය මහඟු අස්වැසිල්ලක් විය.
 
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks