Breaking News
** නව මැතිවරණ ක්‍රමය වෙනුවෙන් පැෆ්රල් සිය යෝජනා බාරදෙයි                      **මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්                     **පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්                     ** ඡන්ද විමසීම අවසන්                     ** අවධානම් කලාප වෙත ජංගම නිරීක්ෂණ රථ                      **සමාජ ජාල නිරීක්ෂණය මෙවරත්                      ** කොවිඩ් වංසගතයත් මැතිවරණ අපේක්ෂකයින් ප්‍රවර්ධනයට යොදාගෙන                     **கொரோனா தொற்று நோய் நிலையினை வேட்பாளர்கள் தமது நலனுக்குப் பயன்படுத்தியுள்ளனர்                     ** පැෆ්රල් නමින් නිකුත් කරන ව්‍යාජ නිවේදනවලට රැවටෙන්න එපා                      
Home › PAFFREL Community › News

මැතිවරණ නිරීක්ෂකයින් හා වෘත්තිය සමිති නියෝජිතයින් වෙනුවෙන් වැඩසටහනක්

26 January, 2023

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වලදී රාජ්‍ය සම්පත් අවභාවිතය වැළැක්වීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ ආයතන හා වෘත්තිය සමිති නියෝජතයින්ගෙන් සහභාගීත්වයෙන් වැඩසටහනක් පසුගියදා පැවැත්වින.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය (PAFFREL), මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (CMEV), ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනය ( IRES) Transparency International Sri Lanka (TISL),  නිදහස් හා නිදහස් මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය (CaFFE), Mothers and Daughters of Lanka (MDL)  යන මැතිවරණ නිඍීක්ෂණ ආයතන හා වෘත්තිය සමිති නියෝජිතයින් රැසක් මෙම වැඩසටහන සඳහා එක්ව සිටි අතර ප්‍රජාතන්ත්‍රවාදී සහ මැතිවරණ පද්ධති සඳහා වන ජාත්‍යන්තර පදනම (IFES)  විසින් සංවිධානය කල එම වැඩසටහනේදී රාජ්‍ය සම්පත් ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගන්නා සෑම අවස්ථාවකදීම තොරතුරු හෙළිකරන්නන් ලෙස කටයුතු කිරීම; වෘත්තිය සමිතිවලට මැතිවරණයේ සමබිම ආරක්ෂා කිරීම සඳහා සිදුකල හැකි මහඟු කාර්යක් ලෙස පෙන්වාදෙන ලදී.

මෙම වැඩසටහන සඳහා සහභාගීවූ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිඅාරච්චි මහතා ඇතුලු මැතිවරණ නිරීක්ෂණ ආයතන නියෝජිතයින් පෙන්වාදුන්නේ  පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වන්නේ නම් ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අවභාවිත කිරීම වැළැක්විය නොහැකිවනු ඇති බවයි. එමෙන්ම රාජ්‍ය සම්පත් අවභාවිත කරන්නේ නම් ප්‍රමාණවත් සාක්ෂි සහිතව දැනුම් දෙන ලෙස  නිරීක්ෂණ ආයතන විසින් වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටි අතර එය නීතිමය ප්‍රවේශයන් වලට එළඹීමේදී උපකාරීවන බවයි ඔවුන් පෙන්වාදුන්නේ.

මැතිවරණ පද්ධති සඳහා වූ ජාත්‍යන්තර පදනමේ (IFES) මෙටර අධ්‍යක්ෂවරිය,  රෝහණ හෙට්ටිආරච්චි (විධායක අධ්‍යක්ෂ පැෆ්රල්), උදේනි දිසානායක (සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති), ධර්මසිරි නානායක්කාර (පළාත් පාලන හිටපු නියෝජ්‍ය කොමසාරිස්) මංජුල ගජනායක (විධායක අධ්‍යක්ෂ IRES සහ කැඳවුම්කරු CODI), ඩී එම් දිසානායක (ජාතික සම්බන්ධීකාරක CMEV), දයා හේරත් (ජාතික සම්බන්ධීකාරක MDL),  සංඛිතා ගුණරත්න (නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ TISL), මනාස් මකීන් (විධායක අධ්‍යක්ෂ කැෆේ), නීතිඥ හරේන්ද්‍ර බානගල (නීති උපදේශක CaFFE) යන අය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
fb

PEOPLE’S ACTION FOR FREE AND FAIR ELECTIONS (PAFFREL)
No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 00600,
Tel: +94 11 2558570/71 Fax: +94 11 2558572 Email: paffrel@sltnet.lk

Copyright © 2013 Paffrel All Rights Reserved.           Solution by Tekgeeks